හැටන් ප්‍රදේශයේ සංචරණ සිමා නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ

රංජිත් රාජපක්ෂ - හැටන්

0 3

කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවධානමත් සමග පනවා ඇති සංචරණ සිමාව මේ මස 14 වනදා දක්වා දිර්ඝ කිරීමත් සමග හැටන් පොලිසිය විසින් සංචරණ සිමා නීතිය අද (03) දින සිට දැඩිව ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබෙනවා.

නගරය හරහා ගමන් ගන්නා රථ වාහන දැඩි පරික්ෂාවකට ලක්කල අතර, අත්‍යවශ්‍ය රාජකාරි සඳහා යන අයට සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට අවසරලත් වාහනවලට පමණක් නගරය හරහා ගමන් කිරීමට සහ ධාවනය කිරිමට අවසර ලබාදෙනු ලැබුවා.

අවසර නොලබා නගරය හරහා ධාවනය කළ වාහන කිහිපයක් ආපසු හරවා යැවිමටයි පොලිස් නිලධාරින් එහිදී පියවර ගනු ලැබුවේ.

You might also like
Comments
Loading...