ඉතාලි සිර මැදිරියකදී ශ‍්‍රී ලාංකිකයෙක් දිවිනසා ගනී

0 5

ඉතාලියේ ප්‍රොයිනෝස් සිරගෙදර සිටි ශ්‍රී ලාංකිකයෙකු  සිර මැදිරියේ එල්ලී දිවිනසාගෙන ඇති බව එරට මාධ්‍ය අනාවරණ කරනවා. 

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ චන්දන කෝරළගම නමැති 49 හැවිරිදි ලාංකිකයකු බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ. 

සිය හිටපු බිරිය මරා දැමීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස සිරගත වී තිබෙනවා.

ඉතාලියේ ANSA ප්‍රවෘත්ති සේවය පවසන්නේ රෝමයේ මාර්ගයකදී ඔහු සිය හිටපු බිරියට පිහියෙන් ඇන ඝාතනනය කර ඇති බවයි.

එහිදී මියගොස් ඇත්තේ 40 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි. 

එරට මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය සෙනසුරාදා දින අදාළ කාන්තාව මහමගදී ඝාතනය කර ඇති බවත් පිහි ඇනුම් පහරවල් රැසක් එල්ල වී තිබූ බවත්ය. 

source : ANSA

You might also like
Comments
Loading...