ගිනි අවියක් පෙන්වා හය හැවිරිදි දැරියක් පැහැරගෙන

0 16

සූරියවැව, බැද්දෙවැව, නුගේකන්ද, අංක 4281 ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 06ක දැරියක් යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයන් සිව්  දෙනෙක් විසින් ගිනි අවි අවියක් පෙන්වා නිවැසියන් බිය ගන්වා ඊයේ(04) දින අලුයම පැහැරගෙන ගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසනවා. 

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ඉහත ලිපිනයේ පදිංචිව සිටි සමරසිංහගේ සදිසි සෙනායා නමැති හය හැවිරිදි දැරියකි. 

දැරියගේ මව මීට මාස එක හමාරකට පමණ පෙර වෙනත් පුරුෂයකු සමග විවාහ වී වෙනම ජීවත් වන අතර දැරිය සූරියවැව බැද්දෙවැව පිහිටි නිවසේ සිය පියා සහ පියාගේ මව්පියන් සමග ජීවත් වෙයි. 

සුපුරුදු පරිදි දැරිය ඊයේ(04) දින සිය පියා සමගින් නිවසේ නිදා සිටින අවස්ථාවේ යතුරු පැදි දෙකකින් පැමිණ ඇති මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් සිව් දෙනෙකු  නිවසට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා නිවැසියන් බිය ගන්වා දැරිය පැහැරගෙන ගොස් තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා වන 32 හැවිරිදි තිළිණ නියන සමරසිංහ නමැත්තා එම අවස්ථාවේදීම සූරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසියෙන් කළ විමසීමකදී කියා සිටියේ දැරිය පැහැර ගැනීම සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් පරිදි පුළුල් පරීක්ෂණයක් ආරම්බ කර ඇති බවත්ය. 

 

You might also like
Comments
Loading...