ජයසූරියට ඕස්ට්‍රේලියාවෙන් නව තනතුරක්

0 9

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ සුපිරි පිතිකරු සනත් ජයසූරිය ඕස්ට්‍රෙලියානු ක්‍රීඩා සමාජයක ප්‍රධාන පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ මල්ග්‍රොව් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකාරීත්වය සනත් ජයසූරියට හිමි ව ඇත්තේ 2021/22 කාල සීමාව සඳහා බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් මල්ග්‍රොව් ක්‍රීඩා සමාජය නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබුණේ සනත් ජයසූරිය සතු අත්දැකීම් සහ ක්‍රීඩාශීලීත්වය තම කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් සහ දක්ෂතාවයන් වර්ධනය කර ගැනීමට යොදාගත හැකි බවත් එය ඔවුන් ලැබූ භාග්‍යයක් ලෙස සලකන බවත්ය.

එපමණක් නොව ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සහ සුපිරි ආරම්භක පිතිකරු උපුල් තරංග සමග එක්ව ජයසූරියගේ පුහුණුකාරීත්වය යටතේ මල්ග්‍රොව් ක්‍රීඩා සමාජය ජයග්‍රාහී ගමනක් අරඹන බවද අදාළ නිවේදනය මගින් විශ්වාසය පළකර තිබෙනවා.

කෙසේ නමුත් මල්ග්‍රොව් ක්‍රීඩා සමාජයේ නායකත්වය දරන තිලකරත්න ඩිල්ෂාන්ගේ මැදිහත්වීම යටතේ සනත් ජයසූරියගේ සේවය ඊට හිමිව ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

You might also like
Comments
Loading...