නායයාමෙන් අතුරුදන් වූ එකම පවුලේ පිරිස සොයා යුද හමුදාවෙන් තවදුරටත් මෙහෙයුම්

0 20

මාවනැල්ල දෙවනගල කන්ද අද(05) උදෑසන නායයාමෙන් පස් කඳුවලට යටවී සිටින පිරිස සොයා යුද හමුදාව තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම නායයාමෙන් එකම පවුලේ සිව්දෙනෙක් අතුරුදන් වූ අතර එහිදී පස් කන්දකට යටවී ජීවිතක්ෂයට පවත්ව සිටි 24 හැවිරිදි තරුණියකගේ මළ සිරුර යුද හමුදා භට පිරිස් විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එකම පවුලේ පියා(57), මව(56) සහ පුතා(29) තවදුරටත් අතුරුදන්ව සිටින බවයි යුද හමුදාව පවසන්නේ.

ඔවුන් සෙවීමේ මෙහෙයුම යුද හමුදාව ගම්වාසීන්ගේද සහය ඇතිව සිදු කරමින් පවතිනවා.

මේ අතර වරකාපොළ අල්ගම කන්ද නායයාමෙන් පස් කන්දකට යට වී ජිවිතක්ෂයට පත් වූ 70 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද යුද හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.

එම පවුලේ සෙසු සාමාජිකයින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ගම්වාසීන් පියවර ගෙන තිබෙනවා.

යුද හමුදා භට පිරිස් අපයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පිරිස්වලට සහන සැලසීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි යුද හමුදාව පවසන්නේ.

නායයාමෙන් අතුරුදන් වූ එකම පවුලේ පිරිස සොයා යුද හමුදාවෙන් තවදුරටත් මෙහෙයුම් නායයාමෙන් අතුරුදන් වූ එකම පවුලේ පිරිස සොයා යුද හමුදාවෙන් තවදුරටත් මෙහෙයුම් නායයාමෙන් අතුරුදන් වූ එකම පවුලේ පිරිස සොයා යුද හමුදාවෙන් තවදුරටත් මෙහෙයුම් නායයාමෙන් අතුරුදන් වූ එකම පවුලේ පිරිස සොයා යුද හමුදාවෙන් තවදුරටත් මෙහෙයුම් නායයාමෙන් අතුරුදන් වූ එකම පවුලේ පිරිස සොයා යුද හමුදාවෙන් තවදුරටත් මෙහෙයුම් නායයාමෙන් අතුරුදන් වූ එකම පවුලේ පිරිස සොයා යුද හමුදාවෙන් තවදුරටත් මෙහෙයුම්

 

 

You might also like
Comments
Loading...