ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.
ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 2280 දෙනෙක් තහවුරු කර ගැනීමත් සමගින්.
ඒ අනුව අද(05) සවස 6.30 පමණ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 201,534ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවෙන් ආසාදිතයන් 166,132ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයන් 33,746 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
එසේම මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 2 ඉක්මවූ 78 වන රට බවට ශ්‍රී ලංකාව පත් වූවා.
Hits: 2