මම නාට්ටාමියෙක් තමයි – චමුදිතගෙන් පියුමි හංසමාලිට පිළිතුරු [වීඩියෝ]

0 21

නිරෝධාන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ කාමර වෙන් කර ගනිමින් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබ පසුව නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සඳහා පසුගියදා බස් රථයක ගමන් ගනිමින් සිටියදී පියුමි හංසමාලි විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කර වීඩියෝවක් නිකුත් කිරීම නිසා හිරු ටීවී නාලිකාවේ චමුදිත සමරවික්‍රම ගැන කථාබහක් ඇතිව තිබෙනවා. 

සිද්ධියෙන් දින කිහිපයක් යනතුරු චමුදිත ඒ ගැන කථා කළේ නැත.

නමුත් අද (5) උදෑසන පත්තර විස්තර ගෙන එමින් ඔහු සිය නාලිකාවේ ගුවන් කාලය තුළ ඒ ගැන පුළුල් පිළිතුරක් ලබාදී ඇත.

ඒ අතරම පියුමිට උදව් කරන්නට ඉදිරිපත්වූ බව කියන ඇමතිවරයා සහ ඇමතිවරයාගේ පුතු හා ලේලිය ගැනද විවේචනයක් ඉදිරිපත් කර තිබෙනවා. 

එහිදී නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි චෝදනා කර තිබුණේ චමුදිත සමරවික්‍රම මාළුකාරයෙක්, ලොන්ඩ්‍රිකාරයෙක්, මාළුකාරයෙක් සහ බොම්බයි මොටයි කාරයෙක් ලෙසට හඳුන්වමිනි. 

මේ ඊට චමුදිත සමරවික්‍රම මහතා අද(05) දිනයේ හිරු ටී.වී. පත්තරේ වැඩසටහනේදී ප්‍රතිචාර දැක්වූ ආකාරය. 

You might also like
Comments
Loading...