මෙරට සමස්ත ඇගලුම් කම්හල් දින 14 ක් හෝ 07 ක් වසා තැබීය යුතුයි

සජිත් ගයාන් උබේපාල - මැදවච්චය

0 7

ආණ්ඩුවේ ඇමතිවරුන් මේ වන විට කළ යුත්තේ නැව් එනකම් බලන් හිදිමින් ඩොලර් උපයා ගැනීමේ පසුපස නොයා පළමුව මේ රටේ මිනිසුන් ජීවත් කරවීම බවත් සෞඛ්‍ය අංශවල සහ විපක්ෂයේ දැඩි ඉල්ලීම මත රජය සංසරණ නීති දිවයිනටම පැනවූ බවත් ඒ හමුවේ මේ මොහොතේ යම්තාක් දුරට මෙරට කොරෝනා පාලනය වී ඇති බවත් එහි පූර්ණ ප්‍රතිපල ලබාගැනීමට නම් දිවයින පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා පොකුරු බිහිවීම වැලක්වීමට කඩිනමින් නව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවත් සමගි ජනබලවේගයේ මැදවච්චිය ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රිකයේ රාජ්‍ය ආයතන සඳහා, කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ බෙදාදීම ආරම්භ කරමින් අනතුරුව මැදවච්චිය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අද (05) එසේ කියා සිටියා.

අවුකන රජමහා විහාරාධිපති ශ්‍රාස්තවේලී ධම්මකිත්ති නායක ස්වාමින් වහන්සේගේ සහ එම විහාරයේ දායක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයට අනුව චීන රජයේ ව්‍යාපාරික පිරිසක් විසින් මෙම ආධාර ලබා දී තිබෙනවා.

ඒ අනුව පළමු අදියර ලෙස මැදවච්චිය ආසනයේ සියලුම රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, පොලිස් ස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආවරණය වන පරිදි මෙම සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ බෙදාදීම සිදු කෙරුණා.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මෙලෙස කියා සිටියා.

මෙරට සමස්ත ඇගලුම් කම්හල් දින 14 ක් හෝ 07 ක් වසා තැබීය යුතුයි.
අපිට පෙනෙන්න තියෙනවා මේ මැදවච්චියේම මීට පෙර සිටියේ අවුරුදු පොකුරින් හමු වුණු කොවිඩ් රෝගීන් 50 කට ආසන්න ප්‍රමාණයක්.
නමුත් මේ වන විට 120 ආසන්න කොවිඩ් රෝගින් ප්‍රමාණයක් මැදවච්චියේ සිටිනවා.
සියලුම දෙනා ඇඟලුම් කම්හල පොකුරින් හමු වූ අය.
මේ දරුවන් සමාජ ගත නොකරණ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතුයි.
රජය ඇගලුම් කම්හල් විවෘත කර තිබෙනවා නම්.
නැත්නම් මේ පනවා ඇති සංචරණ කාලයේ ප්‍රයෝජනයක් නෑ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා. 

 

මෙරට සමස්ත ඇගලුම් කම්හල් දින 14 ක් හෝ 07 ක් වසා තැබීය යුතුයිමෙරට සමස්ත ඇගලුම් කම්හල් දින 14 ක් හෝ 07 ක් වසා තැබීය යුතුයි මෙරට සමස්ත ඇගලුම් කම්හල් දින 14 ක් හෝ 07 ක් වසා තැබීය යුතුයි මෙරට සමස්ත ඇගලුම් කම්හල් දින 14 ක් හෝ 07 ක් වසා තැබීය යුතුයි

You might also like
Comments
Loading...