කොවිඩ් මෘතදේහයේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් රැගත් වැන්රථය පෙරළෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 6

හැටන් දික්ඔය මුලික රෝහලේ සිට මඩකලපුව ඔට්ටමාවඩි දක්වා හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය ආසාදිතයෙකුගේ සිරුරක් රැගෙන යාමේ ආරක්ෂාවට හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් ගමන් ගත් වැන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් උපපොලිස් පරික්ෂකවරයෙක් එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරින් තිදෙනෙක් සහ වැන් රථයේ රියදුරා  ඇතුළු මියගිය අයගේ ඥාති පිරිසක් බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් පොලිසියේ සුළු සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපොප එස්.බෙනඩික් (57) නැමති පොලිස් නිලධාරියෙකි.

අද (05) දින උදැසන 7.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදියි.

හැටන් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය ආසාදිතයාගේ සිරුර මහනුවරදි යුද හමුදාව වෙත භාරදිම සඳහා ආරක්ෂාවට ගමන් කළ පොලිස් නිලධාරින් පිරිසක් සහ මියගිය අයගේ ඥාතින් ගමන් ගත් වැන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු ව තිබෙනවා.

පැවති අයහපත් කාලගුණයත් සමග ධාවනය වෙමින් තිබු වැන් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් සහ වටවල පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

මියගිය පොලිස් නිලධාරින් කැගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද හැටන් පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

කොවිඩ් සිරුර ගිනිගත්හේන පොලිසියේ නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ මහනුවර දක්වා යැවිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබු අතර තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කරනු ලැබු පොලිස් නිලධාරින් සහ එම වැන් රථයේ ගමන් ගත් කොවිඩ් 19 ආසාදනය විමෙන් මියඅගිය අයගේ ඥාතින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

කොවිඩ් මෘතදේහයේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් රැගත් වැන්රථය පෙරළෙයි කොවිඩ් මෘතදේහයේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් රැගත් වැන්රථය පෙරළෙයි කොවිඩ් මෘතදේහයේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් රැගත් වැන්රථය පෙරළෙයි කොවිඩ් මෘතදේහයේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් රැගත් වැන්රථය පෙරළෙයි කොවිඩ් මෘතදේහයේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් රැගත් වැන්රථය පෙරළෙයි කොවිඩ් මෘතදේහයේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් රැගත් වැන්රථය පෙරළෙයි

You might also like
Comments
Loading...