ඊයේත් දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන 3000 ඉක්මවයි

0 7

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 202,357ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ(05) දිනයේදී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3103ක් වනවා.

ඉන් ආසාදිතයන් 3094 දෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉතිරි ආසාදිතයන් 9 දෙන විදේශගතව සිට පැමිණි පුද්ගලයන්ගෙන් වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 34,569ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම ආසාදිතයන් 166,132ක් සුවය ලබා තිබෙනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

You might also like
Comments
Loading...