තවත් කොවිඩ් මරණ 40ක් – සමස්තය 1696 දක්වා ඉහළට

0 10

කොවිඩ් 19 ආසාදිත මරණ තවත් 40 ක් ඊයේ(05) දිනයේදී මෙරටින් ප්‍රකාශයට පත් කිරීමත් සමගින් මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ ඊයේ(05) දිනයේදී කොවිඩ් ආසාදිත එක් මරණයක්ද මැයි 21 වනදා සිට ජුනි 04 වැනිදා දක්වා කොවිඩ් ආසාදිත මරණ 39ක්ද වාර්තා වන බවයි.

ඒ අනුව මැයි මස 21 වනදා මරණ 1ක්ද, 25 වනදා මරණ 1ක්ද, 27 වනදා සහ 28 වනදා මරණ දෙක බැගින්ද, මැයි 30 වනදා මරණ 8ක්ද මැයි 31 වනදා මරණ 4ක්ද වාර්තා වනවා.

එසේම ජුනි 1 වැනිදා මරණ 7ක්ද 2 වනදා මරණ 4ක්ද 3 වැනිදා මරණ 7ක්ද 4 වැනිදා මරණ 3ක්ද වාර්තා වන බවයි සෞඛ්‍ය සේවා සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

එලෙස මියගිය පුද්ගලයන් හසලක, මාවනැල්ල, එරාවුර් 02, කුරුණෑගල, ගාල්ල, හාලිඇල, බටපොල, දික්ඔය, දංගෙදර, ඉමදූව, අටකලම්පන්න, කැලණිය, යක්කල, කින්නියා, කොළඹ 10, මග්ගොන, හික්කඩුව, මැණික්හින්න, බලංගොඩ, මඩකලපුව, පොල්ගම්පොල, දොඩංගොඩ, නුවරඑළිය, මස්කෙළිය, බොගවන්තලාව, මහනුවර, ගලගෙදර, කොළඹ 9, මතුගම, බේරුවල, කළුතර සහ නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මියගිය පුද්ගලයන් 40 දෙනාගෙන් 17 දෙනෙක් කාන්තාවන් වන බවයි. 

මියගිය 40 දෙනා අතරින් 9 දෙනෙක් නිවසේදී මියගොස් ඇති අතර රෝහල්ගත කරන අවස්ථාව වන විට මියගිය සංඛ්‍යාව හයක්.
පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 50ත් 99ත් අතර අයවළුන් වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...