වවුනියාවේ ගම්මානයකට දැඩි සංචරණ සීමා පනවයි

මාධව කුලසූරිය - වවුනියාව

0 13

වවුනියාව නගරය ආසන්නයේ පිහිටි සහායමාතාපුරම් ගම්මානය වෙත ඊයේ(05) සිට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ සහායමාතාපුරම් ගම්මානය තුළින් පසුගිය දින කිහිපය තුළදි කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු වාර්තාවීමත් සමඟ ගම්මානය වෙත දැඩි සංචරණ සීමා පනවා ඇති බවයි.

ගම්මානයේ සියළු පිවිසුම් මාර්ග වෙත පොලිස් නිළධාරීන් හා යුධ හමුදා නිළධාරීන් යොදා ඇති අතර, ගම්මානය වෙත කිසිවෙකුටත් පිවිසීමට හෝ පිටත්වීමට අවස්ථාවක් ලබානොදීමට පියවර ගෙන ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කරනවා.

ගම්මානය තුළින් වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් වවුනියාව නගර සභාවේ සනීපාරක්ෂක සේවකයින් ලෙස කටයුතු කොට ඇති බවට වාර්තාවී ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා.

ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හා ආශ්‍රිතයින් නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...