Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට

0 3

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද(06) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව එකවර ශ්‍රී ලංකාවට ගෙන එන ලද කොවිඩ් මර්දන එන්නත් විශාලතම තොගය තොගය මෙය වනවා.

රජය ඇනවුම් කරන ලද එන්නත් මාත්‍රාවල පළමු තොගය මෙලෙසින් අද(06) දිනයේ ලැබුණු බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ.

මීට පෙර අවස්ථා දෙකකදී චීන රජයේ ප්‍රදානයන් ලෙසින් Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් ලැබුණි.

You might also like
Comments
Loading...