ලුනුගල ජංගම වෙළදුන්ට ලබාදුන්  බලපත් 70 ක් අවලංගුයි

පාලිත ආරියවංශ - බදුල්ල

0 6

ජංගම වෙළද රථමගින්  පාරිබෝගිකයන්ගේ නිවෙස් අසළට ගොස්  අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය විකිනිම සඳහා ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ බලපත් සියල්ල අවලංගුකර  අලුතින් බලපත්‍ර නිකුත් නිකුත් කිරීමට පියවරගත් බව ලුනුගල  ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායකක මහතා පවසනවා.

මෙම බලපත් ලැබූ රථ වාහන හා ත්‍රිරෝද රථ හිමියන්  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට ලබාදුන් බලපත්‍රය උපයෝගි කර ගනිමින්  කුලී ගමන් සේවා හා වෙනත් කටයුතුවල නියැලෙන බවට ලැබුණු තොරතුරු මත සිදුකල පරික්ෂාවේදී එය තහවුරුවීමෙන් පසු මෙම පියවරගත් බවයි ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ.

මේ  අනුව  කලින් නිකුත් කර තිබූ බලපත් හැත්තැවම (70 ) අවලංගු කර ඇති අතර එම කටයුතු හොදින් සිදුකළ කුඩා ප්‍රමාණයේ ලොරි රථ 5 කට  පමණක් අද (6) දින  නව බලපත්‍ර ලබාදුන් බව දිසානායක මහතා සඳහන් කළා.

ඔවුන්ද ගමන්කළ යුතු මාර්ගය හා වේලාවන්  ලබාදී ඇති අතර  පාරිබෝගියන්ට හිතු හිතූ මිල ගණන්වලට  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කිරිමට ඉඩක් නොලැබෙන අයුරු මිළ ගණන් නියම කිරීමටද ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පියවරගෙන තිබෙනවා.

You might also like
Comments
Loading...