දාපනේ PCR 70කින් 26ක් පොසිටිව්

ඒ.පි. දයාචන්ද්‍ර - ඌරුබොක්ක

0 10

කොලොන්න සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශයට අයත් කෝප්පකන්ද දාපනේ පහළවෙල ප්‍රදේශයේ පුද්ගලයන් 70 දෙනෙකුට කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකදී පුද්ගලයන් 26 දෙනෙකුට කෝවිඩ් 19 ආසාදිත බව ඊයේ (05) දින තහවුරු වී තිබෙනවා.

දාපනේ පහළවෙල ප්‍රදේශයෙන් පසුගිය 30 දිනද පුද්ගලයන් 14 දෙනෙකු කෝවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.

එම හේතුවෙන් දාපනේ පහළවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 70 දෙනෙකු කොලොන්න සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් පී.සී.ආර් පරික්ෂණයට යොමු කරනු ලැබුවා.

ඊයේ 05 දින එහි වාර්තාවන් ලැබී ඇති අතර ඒ අනුව පුද්ගලයන් 26 දෙදෙකු කෝවිඩ් ආසාදිතයන් බවට තහවුරු බවට කොලොන්න සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසනවා.

ඒ අනුව දාපනේ පහළවෙල ප්‍රදේශයේ පසුගිය මැයි 30 දින සිට ජුනි 05 දින දක්වා කාලය තුල පමණක් කෝවිඩ් ආසාදිතයන් 40 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඒ අනුව පුද්ගලයන් 93 දෙදෙනෙකුට සිදු කරන ලද පී.සී.ආර් පරික්ෂණවලින් පුද්ගලයන් හතළිස් දෙනෙකුට කෝවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.

කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ 26 දෙනා අතර දරුවන්, කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් සිටින අතර මෙසේ කෝවිඩ් ආසාදිත වී ඇත්තේ පවුල් කිහිපයක අයත් පුද්ගලයන් පිරිසකටයි.

කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන් 26 දෙනා කෝවිඩ් ප්‍රතිකාර මධස්ථානවලට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

You might also like
Comments
Loading...