නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 234ක්

මනුර සුදත් සෙල්ලහේවා - හැටන්

0 5

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 4,996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.

එහි නිලධාරියෙකු කියා සිටියේ පසුගිය දිනවල ගන්නා ලද පී.සී.ආර්. පරික්ෂාවල වාර්තා අද (06) දින පෙරවරුවේ ලද අවස්ථාවේ මෙම අලුත් ආසාදිතයන් තහවුරුව ඇති බවත් මෙයින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොටගල, මස්කෙළිය, බගවන්තලාව, අඹගමුව, ලිදුල, වැනි සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශවලට අයත් වතු ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.

මෙම ආසාදිතයන් 4,996 දෙනාගෙන් ආසාදිතයන් 3,418 දෙනකුම සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව කොවිඩ් තුන්වන රැල්ලෙන් හමුව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙලෙස අලුතින් හදුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් එම ප්‍රදේ‍්ශවල සිටිය හැකි බවත් එම ආශ්‍රිතයන් සොයා එම පිරිස් පී.සී.ආර්. පරික්ෂාවන්ට ලක්කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත මරණ 71ක් වාර්තා වී ඇති බවත් එම නිලධාරියා තවදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...