ගිනිගත්හේන නගරයේ සුපිරි වෙලදසැලක ඉදිරිපස විදුරු කැඩියයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 3

ගිනිගත්හේන නගරයේ සුපිරි වෙලදසැලක ඉදිරිපස විදුලි කිහිපයක් එක වරම කැඩියාම සම්බන්ධයෙන් වහාම සොය බලන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනට ඊයේ (05) දැනුම් දුන් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ඊයේ (05) දින උදැසන 10 ට පමණ වසා දමා තිබු එම සුපිරි වෙලදසැලේ ඉදිරිපස විදුරු කිහිපයක් එකවරම කැඩිගොස් ඇති බවත්, එම ගොඩනැගිල්ල සහිත ප්‍රදේශය මිට ප්‍රථම නායයාමේ අවධානමක් සහිත ස්ථානයක් බවට හදුනාගෙන තිබු බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා කියා සිටින්නේ.

සුපිරි වෙලදසැලේ ඉදිරිපස විදුරු එකවරම කැඩියාම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඊයේ (05) දින නිරික්ෂණය කරනු ලැබුහ.

එම නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වු නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා කියා සිටියේ 04 වන දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයට මිලිමිටර් 121 වර්ෂාපතනයක් වාර්තා වු බවයි.

පවතින අධික වර්ෂාවත් සමග නායයාමේ අවධානමක් පැවතියහොත් එම ස්ථානවලින් වහාම ඉවත් වන ලෙසට සහකාර අධ්‍යක්ෂකවරයා නුවරඑලිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

You might also like
Comments
Loading...