තවත් 1172 දෙනෙක් සුවය ලබයි

0 3

කොවිඩ් 19 ආසාදිතව රෝහල්ගතව සිටි තවත් රෝගීන් 1172ක් පූර්ණ සුවය ලබා රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිතව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 167,304ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට රෝහල්ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 33,357ක් වන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 202,357ක් වනවා.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1696ක් වන අතර ඉන් 1004 දෙනෙක් පිරිමි පුද්ගලයන් වනවා.

සෙසු 692 දෙනා කාන්තාවන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

You might also like
Comments
Loading...