විදුලිසැර වද්දවා ඇතෙක් ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

අතුල බණ්ඩාර - අනුරාධපුර

0 30

හොරොව්පොතාන, වලහවිද්දවැව ප්‍රදේශයේ ගෙවත්තකදී ඊයේ (05) අලුයම සද්දන්ත ඇතෙකුට විදුලි සැර වැද්දවීමට සලස්වා ඝාතනය කළ එම ගෙවත්තේ පදිංචි පුද්ගලයා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඩි අටහමාරකට වඩා උසැති, වයස අවුරුදු විස්සක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන මේ සද්දන්ත දළ ඇතා ඝාතනය කර ඇති බව හොරොව්පොතාන පොලිසියට දැනගැනීමට ලැබීමෙන් පසු පොලිසිය අනුරාධපුර වනජීවී කාර්යාලයට ඒ බව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව එහි පැමිණි වනජීවී නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇතාට විදුලි සැර වැද්දවීම සඳහා ඔහුගේ නිවසේ සිට අනවසරයෙන් ඇද තිබූ කම්බි රැහැනද සොයාගනු ලැබීය.

45 හැවිරිදි මේ සැකකරු ඊයේ(5) පස්වරුවේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරිනු ලැබුවා.

ඔහුට ලබන සැප්තැම්බර් මස 14 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මියගිය මේ ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර වනජීවී කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් අද (06) සිදුකෙරුණා.

Hits: 1

You might also like
Comments
Loading...