මහින්දානන්ද අලුත්ගමගේ පදනම ඉදිකළ කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත භාරදෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 32

මහින්දානන්ද අලුත්ගමගේ පදනම විසින් නාවලපිටිය නව කුරුදුවත්තේ සමර්සෙට් වතුයායේ ඉදිකරන ලද කොවිඩ් 19  අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය එම පදනමේ සභාපති අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂ ජානක සෝමරත්න මහතා වෙත අද (06) දින භාරදෙනු ලැබුවා.

මහින්දානන්ද අලුත්ගමගේ පදනම සහ නාවලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ රුපියල් ලක්ෂ 90ක ප්‍රතිපාදන යටතේ සහ නාවලපිටිය ආසනයේ ශ්‍රම බලකායේ දායකත්වයෙන් ඇඳන් 300කින්  සහ  සියළුම පහසුකම්වලින් සමන්විත කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට හෙට (07) දින සිට කොවිඩ් 19 රෝගින් ඇතුළත් කර ගැනිමට නියමිතයි.

කුරුඳුවත්ත සමර්සෙට් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝගින් ඇතුළත් කර ගැනිමේදි මධ්‍යම පලාතේ රෝගින්ට ප්‍රමුඛතාවය ලබාදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිල වශයෙන් භාරදිමේ අවස්ථාවට නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු මහින්දානන්ද පදනමේ නිලධාරින් කිහිප දෙනෙක් පමණක් සහභාගි වී සිටියා.

මහින්දානන්ද අලුත්ගමගේ පදනම ඉදිකළ කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත භාරදෙයි මහින්දානන්ද අලුත්ගමගේ පදනම ඉදිකළ කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත භාරදෙයි මහින්දානන්ද අලුත්ගමගේ පදනම ඉදිකළ කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත භාරදෙයි මහින්දානන්ද අලුත්ගමගේ පදනම ඉදිකළ කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත භාරදෙයි මහින්දානන්ද අලුත්ගමගේ පදනම ඉදිකළ කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත භාරදෙයි

Hits: 0

You might also like
Comments
Loading...