මාතලේ – නාඋලට රුපියල් කෝටි 30 ක සහන මළු බෙදා අවසන්

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 24

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මාතලේ, නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් හය දහසකට වැඩි පිරිසක් සදහා රුපියල් කෝටි තිහකට අධික මුදල් ප්‍රතිපාදන යටතේ සහන මළු බෙදාදුන් බව නාඋල ප්‍රාදේශීය ලේකම් චින්තක ඉලංගසිංහ මහතා පවසනවා.

ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී හෙතෙම මෙම අදහස් පල කර සිටියා.

නිවෙස්වලට වී සිටින ආදායම් අහිමි පවුල් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් මෙම බඩු වසම් මට්ටමින් ග්‍රාම නිලධාරි සහ සමෘද්ධි සංවර්ධන නිළධාරිවරුන්ගේ මැදිහත්වීමෙන් භාණ්ඩ බෙදාදීම පසුගියදා නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වසම් රැසක සිදුකර තිබෙනවා.

එමෙන්ම නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සුදුසුකම් ලද පවුල් සදහා යළි රුපියල් පන්දහක මුදලක් සමෘද්ධි සංගම් හරහා ලබාදීමේ කටයුතු ද මේ වන විට ආරම්භ වී ඇති බව ද අප කළ විමසීමේ දී ප්‍රාදේශීය ලේකම් චින්තක ඉලංගසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Hits: 1

You might also like
Comments
Loading...