සංචරණ සීමා කාලය තුළ කොළඹ නගරයට ඇතුළු වන වාහන සඳහා ලබාදෙන දිනකට පමණක් සීමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට (07) සිට නව ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනූව එය සම්පූර්ණ සංචරණ සීමා කාලය සඳහාම අදාළ වනු ඇති.
සංචරණ සීමා බලපැවැත්වෙන සියලු කාලයන්ට අදාල මෙම නව ක්‍රමය තුළින් කොළඹ නගරයට ඇතුළු වන වාහන මුහුණදෙන ප්‍රමාදවීමේ ගැටළුවට විසඳුම් ලැබෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
හෙට දිනයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහන එක් ස්ථානයකදී තොරතුරු ලබාදිය යුතු බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
Hits: 0