ගැබිනි මව්වරුන්ට කොවිඩ් එන්නත් ලබාදීම 9 වැනිදා සිට

0 22

දිවයින පුරා අවදානම් සහිත ගර්භණී මව්වරුන් සඳහා කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීම 09 වැනිදා පෙරවරුවේ සිට පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එහි සමාරම්භක වැඩසටහන එදින පෙරවරු 11ට බොරැල්ල කාසල් වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිත අතර ගැබිනි මව්වරුන්ට එන්නත්කරණය මාසයක් ඇතුළත අවසන් කිරීමටද සැලසුම් කර තිබෙනවා.

මෙමගින් මරණ හා ආබාධ වළක්වා ගත හැකි බවත් එසේම සෞඛ්‍ය දර්ශක අතර ඉහළටම ගමන් කිරීමට හැකියාව ඇති බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ නිගමනය වී තිබෙනවා.

දිවයින පුරා රෝහල්වල ගැබිනි මව්වරුන් හා කොවිඩ් 19 ආසාදනය වූ ගැබිනි මව්වරුන් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ගැබිනි මව්වරුන් 8 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

 

Hits: 1

You might also like
Comments
Loading...