එංගලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

0 19

එළැඹෙන එංගලන්ත ක්‍රිකට් සංචාරය සඳහා සහභාගිවීමට නියමිත ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිල වශයෙන් අද (08) නිවේදනය කරනු ලැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ එංගලන්තයේ තරග සංචාරය සඳහා තෝරාගෙන ඇති ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේද අනුමැතිය ලද බවයි.

ඒ අනුව එම තරග සංචාරයේදී එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නායකයා ලෙසින් කුසල් ජනිත් පෙරේරා කටයුතු කරනු ලබන අතර උප නායකත්වයට කුසල් මෙන්ඩිස් නම් කර තිබෙනවා.

බංග්ලාදේශ සංචාරය සඳහා එක්වීමට අවස්ථාව නොලද අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් මෙම තරග සංචාරයට නම් කර ඇති අතර කෙසේ වෙතත් අශේන් බණ්ඩාර මෙම තරගාවලියට නම් කර නැහැ.

ඒ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර තරග වරම් දිනාගෙන නොමැති චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් සහ ඉෂාන් ජයරත්නද මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ.

Sri Lanka Squad for the ‘Sri Lanka Tour of England 2021’

Kusal Janith Perera – Captain, Kusal Mendis, Danushka Gunathilaka, Avishka Fernando, Pathum Nissanka, Niroshan Dickwella, Dhananjaya De Silva, Oshada Fernando, Charith Asalanka, Dasun Shanaka, Wanindu Hasaranga, Ramesh Mendis, Chamika Karunaratne, Dhananjaya Lakshan, Ishan Jayaratne, Dushmantha Chameera, Isuru Udana, Asitha Fernando, Nuwan Pradeep, Binura Fernando, Shiran Fernando, Lakshan Sandakan, Akila Dananjaya and Praveen Jayawickrama

 

එංගලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

You might also like
Comments
Loading...