නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 13

බුත්තල, මුල්ලේකුඹුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තීරුබදු රහිතව මෙරටට රැගන ආ විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම ඒකකය විසින් සිදු කරන ලද වැටලීමකදීයි.

එහිදී එම සැකකරු සන්තකයේ තිබී විදෙස් දුම්වැටි හැටහතරක් සොයාගෙන ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයම පදිංචි වයස අවුරුදු විසිහයක්(26) පමණ වන පුද්ගලයකු වන අතර සැකකරු ඉදිරි විමර්ශන සදහා බුත්තල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

එම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මොනරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Hits: 0

You might also like
Comments
Loading...