හුදකලා කර ඇති බගවන්තලාවෙන් නව ආසාදිතයන් 46ක්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 22

හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් අද (08) දින ලද PCR පරික්ෂණ වාර්තා අනුව නව ආසාදිතයන් 46 දෙනෙකු හදුනාගත් බවත්, එම ආසාදිතයන් 46 දෙනා අතර වැඩි ආසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.

බගවන්තලාව පුලියාවත්ත නගරයෙන් 15 ක්, බගවන්තලාව වතු යායෙන් 09 ක්, මෝරා වතු යායෙන් 16 ක්, තෙරේසියා වතු යායෙන් 05 ක් සහ කිලානි වතු යායෙන් 01 වශයෙන් ආසාදිතයන් හමු වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ.

නව අසාදිතයන් පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවත්, එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද PCR පරීක්ෂණය අනුව නව ආසාදිතයන් හඳුනාගත් බවත්, නව ආසාදිතයන් 46 දෙනාගේ ළඟම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කළ බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් මේ වන විට ආසාදිතයන් 661 ක් දෙනෙකු හමු වී ඇති බවත්, කොවිඩ් මරණ 18 ක් සිදු වී ඇති බවත් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටිනවා.

Hits: 0

You might also like
Comments
Loading...