මිණීවලක් හාරා රත්‍රං සෙවූ දෙදෙනෙක් අත්අඩංගුවට

රොමේෂ් මධුසංක - වන්නි

0 19

වසර 10කට පෙර මියගිය ව්‍යාපාරිකයකු මිහිදන් කළ ස්ථානයේ කැනීම් කොට රත්තරන් සෙවූ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේදී ඊයේ (07) දින අත්අඩංගුවට ගත් බවට වැල්වටිතුරෙයි පොලීසිය පවසනවා.

උරියකාඩු සුසාන භූමියෙහි වසර දහයකට පෙර වළදැමූ මිනී වළවලක් තුළ කැණීම් කොට රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය වෙතට යුදහමුදා නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිනිවළ හාරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ධීවර රැකියාව කරන අතර  වසර ගණනක සිට උරිකාඩු හි සුසාන භූමියේ කුලීපදනම මත මිය ගිය අය වෙනුවෙන් මිනී වළවල් හැරීමද සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මීට වසර දහයකට පෙර මියගිය ව්‍යාපාරිකයෙකු සතු රත්තරන් සමගින් මිහිදන් කොට ඇති බවට ප්‍රදේශයේ පැතිරගිය කටකතාවක් හේතුවෙන් සැකකරුවන් දෙදෙනා එම මිනීවළ හාරා රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහදරා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක් හා 50 ක් වන පුද්ගලයින් වන අතර පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

Hits: 1

You might also like
Comments
Loading...