කොටපොළින් කොවිඩ් ආසාදිතයන් 13ක්

ඒ.පි. දයාචන්ද්‍ර - ඌරුබොක්ක

0 16

කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශය තුළ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී කෝවිඩ් 19 ආසාදිතයන් 13 දෙනෙකු තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 39 ක් සිදුකර ඇති අතර එයින් 13 දෙනෙකුට කෝවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වූ බවයි කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසන්නේ.

කොස්මෝදර ප්‍රදේශයේ කෝවිඩ් ආසාදිතයන් 4 දෙනෙකු, දෙනියාය කළුඅග්ගල ප්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනෙක්, මොරවක පෝරුපිටිය ප්‍රදේශයේ ආසාදියෙකුත්, වරල්ල ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයන් 06 දෙනෙකු වශයෙන්  ආසාදිතයන් 13 දෙනෙක් තහවුරු වී තිබෙනවා.

කොරෝනා රෝගීන් වශයෙන් තහවුරු වූ පුද්ගලයන් ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් තිබීම හේතුවෙන් වරල්ල ප්‍රදේශයේ නිවාස රැසක පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.  

කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ 13 දෙනා ප්‍රතිකාර මධස්ථානවලට යොමු කිරීමටත් ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝදායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

Hits: 1

You might also like
Comments
Loading...