ගිනිගත්හේන පිටවල මිගස්තැන්න රක්ෂිතයේ ඇළ මාර්ගයක් අසල අනවසරෙන් මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අද(08) දින අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පවසනවා.
පනවා ඇති සංචරණ සිමා නීතිය හමුවේ මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති නිසා ගිනිගත්හේන පිටවල මිගස්තැන්න රක්ෂිතයේ පිරිසක් නිතිවිරෝධි ලෙස මත්පැන් පෙරා ඇසුරුම්කර ප්‍රදේශයේ බෙදාහරින බවට ලද තොරතුරක් මත තම කාර්යාලයේ නිලධාරීන් වැටලිමක් සිදු කර අදාළ සැකකරුවන් දෙදෙනා සහ නිතිවිරෝධි ලෙස මත්පැන් පෙරීමට උපයෝගි කරගත් උපකරණ රැසක් සහ පෙරා තිබූ ස්ප්‍රිතු මිලිලිටර් 5000ක් අත්අඩංගුවට ගත් බවයි සුරාබදු ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
වැටලිම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා මත්පැන් පෙරමින් සිටි බවත්, අත්අඩංගුවට ගත් ගොඩා මිලිලිටර් 35000 ක් රක්ෂිතය තුළම විනාශ කල බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර සැකකරුවන්ට එරෙහිව ලබන 16 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා කියා සිටියේ.
Hits: 2