අද දවසේ කාලගුණ තත්ත්වය

0 23

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

මධ්‍යම කඳුකරයෙ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 30ක් 40ක් දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද එම දෙපාර්තමේන්තුව මහජනතාවට මතක්කර සිටිනවා.

මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Hits: 1

You might also like
Comments
Loading...