වංකාලෙයි වෙරළෙන් බීඩි කොළ හා වියළි කහ තොගයක් සොයා ගැනේ

මාධව කුලසූරිය - වවුනියාව

0 40

මන්නාරම, වංකාලෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 514ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 70 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු ඊයේ(08) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාව පැවසූවේ උතුරු මැද නාවික විධානය‍ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස රැගෙනවිත් වෛරළ ආසන්න කැළැවේ පොලිතීන් උර 17 ක් තුළ අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 514ක පමණ ප්‍රමාණයක් සහ පොලිතීන් උර 02ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 70ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනාගන්නාගෙන ඇති බැව්ද නාවික හමුදාව පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරු, බීඩි කොළ හා වියළ කහ තොගය වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් වංකාලෙයි පොලිසිය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව හා වංකාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

වංකාලෙයි වෙරළෙන් බීඩි කොළ හා වියළි කහ තොගයක් සොයා ගැනේ වංකාලෙයි වෙරළෙන් බීඩි කොළ හා වියළි කහ තොගයක් සොයා ගැනේ වංකාලෙයි වෙරළෙන් බීඩි කොළ හා වියළි කහ තොගයක් සොයා ගැනේ වංකාලෙයි වෙරළෙන් බීඩි කොළ හා වියළි කහ තොගයක් සොයා ගැනේ

Hits: 2

You might also like
Comments
Loading...