හැටන් ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 25 දෙනෙක්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 45

හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් ඊයේ(08) දින නව ආසාදිතයන් 25 දෙනෙකු හමු වූ බවත්, එම ආසාදිතයන් 25 දෙනාගෙන් ආසාදිතයන් 14 දෙනෙකු හැටන් දික්ඔය නගර  සභා සිමාවේ බවත් හැටන් දික්ඔය නගර සභාවේ සෞඛය අංශ නිලධාරින් පවසනවා.

හැටන් දික්ඔය නගර සභා සීමාවට අයත් දික්ඔය නගරයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර, ඔහුන්ගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුගිය 04 වනදා සිදු කරන ලද PCR පරීක්ෂණයට අනුව එම විදුහල්පතිවරයාගේ පවුලේ සමාජිකයන් 05 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.

හැටන් විල්ප්‍රඩ්පුර, හිල්සයිඩ් විදියි, කුඩාගම, පැන්මුර් සහ ඩන්බාර් යන ප්‍රදේශවලින් සෙසු ආසාදිතයන් හමු වී ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.

Hits: 1

You might also like
Comments
Loading...