15 හැවිරිදි දැරියක් මුදලට විකිණූ අයෙක් අත්අඩංගුවට

0 58

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් වයස අවුරුදු 15යි මාස 9ක් වූ දැරියක් මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක නිවසක් කුලියට ගෙන දැරිය එහි රඳවා මෙම ජාවාරම සිදු කර ඇති බවයි. 

දැරියගේ ඡායාරූප සහිතව අන්තර්ජාලය දැන්වීම් පළ කර ඒ අනුව ඇනවුම් කරන පුද්ගලයන්ට දැරිය ලබාදී ඇති බව පරීක්ෂණවලදී හෙළි වූ බවයි පොලිසිය පවසන්නේ. 

මෙම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, ඇගේ මවගෙන් සැකකරු මෙම දැරිය ලබාගෙන ඇති බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා.

Hits: 1

You might also like
Comments
Loading...