ඇමති ප්‍රසන්නට එරෙහි නඩුවක් කල්යයි

0 12

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණා.

එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව සියලු නඩු කල්දැමීමට තීරණය කර ඇති හෙයින් එම නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 30 වනදා දක්වා කල් තැබීමටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජුනි මස 02 වන දා අතර කාලසීමාව තුල කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍යය කටයුතු ඉටුකරදීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එම නඩුව ගොනු කර තිබෙනවා.

Hits: 1

You might also like
Comments
Loading...