අනුරපුර මාර්කට් පෙදෙස සතොසේ මත්පැන් තොගයක් රහසිගතව විකුණා ඇතැයි චෝදනාවක්

අතුල බණ්ඩාර-අනුරාධපුර

0 75

රජය මගින් මේ දිනවල සංචරණ සීමා පනවා දිවයිනේ සියලුම මත්පැන් අලෙවිසැල් වසාදැමීමට නියෝග කර තිබියදී අනුරාධපුර මාර්කට් පෙදසේ සතොස ප්‍රධාන අලෙවි මධ්‍යස්ථානයේ මත්පැන් අලෙවි සැලෙන් මත්පැන් බෝතල් ව්ශාල තොගයක්  රහසිගතව එකවර විකුණා ඇති බව වාර්තා වනවා.

සතොස ආයතනයේ ඉහළ බලධාරියෙකුගේ කීමට පසුගිය 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැමිණ එම අලෙවි මධ්‍යස්ථානයේ කළමනාකාරවරිය හා මත්පැන් අලෙවිසැල බාරව කටයුතු කරන සේවකයාද හවුල් කරගෙන, මත්පැන් අලෙවිසැල වැසූ දිනයේ සුරාබදු දෙර්තමේන්තුව මගින් ඊට තැබූ මුද්‍රා  කඩා මත්පැන් බෝතල් 800 කට වැඩි සංඛ්‍යාවක් අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරී කරන රජයේ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 16 කට වඩා වැඩි මුදලකට  විකුණා තිබෙන බව දැනගැනීමට ලැබුණු බව සතොස ආයතනයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසනවා.

ගනුදෙනුව සිදුකල පසු  ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියා සමග පැමිණි සුරාබදු නිලධාරියා නැවත මත්පැන් අලෙවි සැලට මුද්‍රා තබා තිබූ බවත්, මත්පැන් බෝතල් තොගය කැබ් රථයකින් ප්‍රවාහනය කර තිබූ බවත් පවසන  වෘත්තීය සමිති ක්‍රියාකාරීහු, මේ දිනවල මත්පැන් අලෙවිසැල් වසා තිබෙන නිසා වැඩි මිලට හොරෙන් මත්පැන් විකුණන ජාවාරම්කරුවන්ට සපයා මුදල් ඉපයීම සඳහා මෙයට සම්බන්ධ වුවන් මෙම නීතිවිරෝධී ක්‍රියාව කර ඇතැයි කියාසිටිති .

මත්පැන් අලෙවි සැල බාර සේවකයාගේ අකමැත්ත මත  සිදුවූ මේ ක්‍රියාව ගැන  සතොස ආයතනයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට ආරංචි වීමෙන් පසු ඉහළ බලධාරියා සිය දේශපාලන බලපුලුවම්කාරකම් පාවිච්චිකර සිද්දිය යටපත් කිරීමට දැන් උත්සාහ දරමින් සිටින බවත්, ඒ උත්සාහය අසාර්ථක වුවහොත් මේ සිද්ධිය සතොස මධ්‍යස්ථානයේ කළමණාකාරවරියගේ හෝ මත්පැන් අලෙවිසැල බාරව කටයුතු කරන සේවකයා පිටින් යැවීමට කටයුතුකරන බවක් පෙනෙන්නට ඇති  බවත් සතොස සේවකයෝ පවසති.

සතොස ආයතනයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසන්නේ ඊට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

Hits: 1

You might also like
Comments
Loading...