තවත් ආසාදිතයන් 2173ක්

0 26

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද(09) රාත්‍රී 7 පමණ වන විට 212,834ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද(09) දිනයේ මේ වනතෙක් වාර්තා වී ඇති දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 2173ක් වනවා.

මේ වන විට රෝහල්ගතව සිටින ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,564ක් වන අතර සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 180,427ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද(09) උදෑසන 10න් අවසන් වූ කාලය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 2,168 දෙනෙක් සුවය ලැබීමත් සමගින්.

මේ අතර දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 54ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමගින් මෙරටට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1843ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම අද(09) උදෑසන 10 වන විට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 1390ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Hits: 2

You might also like
Comments
Loading...