ස්පුට්නික් V මාත්‍රා 65000ක් දිවයිනට

0 8

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 65,000 රැගත් ගුවන් යානයක් අද(11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට ළඟා වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගොතටුව ප්‍රදේශයේ ජනතාවට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඉන් එන්නත් මාත්‍රා 15,000ක් යොදා ගන්නා බවයි.

අනෙක් එන්නත් මාත්‍රා 50,000 සුදුසු පරිදි ලබාදීමට නියමිතව බවද ඔහු කියා සිටියා.

 

You might also like
Comments
Loading...