සංචරණ සීමා 21 දක්වා දීර්ඝ කෙරේ

0 11

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනවා.

කෙසේ වෙතත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා ඇතුළු තවත් සේවාවන් කිහිපයක් සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බවද යුද හමුදාපතිවරයා පවසනවා.

ඇඟලුම් කර්මාන්තශාලා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු, සතිපොළ, කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මෙන්ම, කෘෂිකර්මාන්තයට අදාළ කටයුතුත් පවත්වාගෙන යාමට සෞඛ්‍ය නිර්දේශ යටතේ අවසර හිමිවනවා.

එමෙන්ම බැංකු කටයුතු සහ ආර්ථික මධ්‍යස්ථාන, පවත්වාගෙන යන දිනයන් පසුව දැනුම් දෙන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...