ඉන්ධන මිල ඉහළ දමයි

0 40

ඉන්ධන මිල ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර ඇති බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව නව මිල රුපියල් 157ක් වනවා.

ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දැමීමත් සමගින් එහි නව මිල රුපියල් 111ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 184ක්.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දැමීම හේතුවෙන් එහි නව මිල රුපියල් 144ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම භූමිතෙල් මිලද රුපියල් 77ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලීටරයක මිල රුපියල් 77කින් ඉහළ දැමීමත් සමගින්.

මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගමද ඊයේ(11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉහළ දැමූ මිල සලකා බලා ඔවුන්ද ඉන්ධන මිල ඉහළ නංවන බවයි එම සමාගම කියා සිටියේ.

 

You might also like
Comments
Loading...