මොනරාගල කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කල හදිසි වැටලීමකදී මහා පරිමාණයේ කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 40,000ක්,ගෝඩා මිලිලීටර් ලක්ෂ 5ක් සහ නීති විරෝධී මත්පැන් පෙරීම් සඳහා යොදාගත් උපකරණ රැසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් සූක්ෂම ලෙස අරඹෙකෙම සහ රතබලාගම යන ප්‍රදේශවල මෙම මත්පැන් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර එම සැකකරුවන් පිලිවෙලින් වයස අවුරුදු විසිපහත් පනස් පහත් අතර පසුවන්නන් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බෙගමුව පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.
Hits: 1