කොටගල එකම පවුලේ 17කට කොවිඩ් ආසාදිත වෙයි

මනුර සුදත් සෙල්ලහේවා - හැටන්

0 15

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කොටගල ෆොරස්ට්වික් වතුයායේ එකම පවුලකට අයත් 17 දෙනකු ඇතුළු 19 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අලුතින් හඳුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.

එහි නිලධාරියෙකු කියා සිටියේ පසු ගිය දිනක මෙම වතුයායේ පුද්ගලයකු රෝගාතුරවී නිවස තුල මියගිය බවත් පසුව එම මෘතදේහය පිළිබඳ පරික්ෂා කිරිමේදි ඔහු කොව්ඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරුව මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් PCR පරීක්ෂාවන්ට ලක්කර ඇති අතර ඊට අදාළ වාර්තා ලැබීමත් සමගින් එම පවුලේ 17 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර කොටගල ප්‍රදේශයේ තවත් දෙදෙනකු කොවිඩ් ආසාදනය වීමෙන් දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මෙම අයගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් PCR පරික්ෂාවන්ට ලක්කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.  

 

Hits: 0

You might also like
Comments
Loading...