ගිනිගත්හේන ඇඟලුම් කම්හලකින් තවත් ආසාදිතයන් 12 දෙනෙක්

මනුර සුදත් සෙල්ලහේවා - හැටන්

0 11

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයට අයත් ගිනිගත්හේන මෝරහේන ගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟලුම් කම්හලේ තවත් සේවිකාවන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.

එහි නිලධාරියෙකු කියා සිටියේ මෙම ඇඟලුම් කම්හලින් මෙයට පෙර කොවිඩ් ආසාදිතයන් 40 දෙනකු හමුවූ බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස PCR පරික්ෂාවන්ට ලක්කල 130 දෙනෙකුගෙන් කිහිප දෙනෙකුගේ වාර්තා ලැබිමෙන් මෙම ආසාදිතයන් 12 දෙනා හඳුනාගැනීමට හැකි වූ බවයි.

එලෙස ගන්නා ලද PCR පරීක්ෂණයන්හි තවත් කොටසකගේ වාර්තා ලැබිමට නියමිත බවත් මෙසේ අලුතින් හඳුනාගන්නා ලද නව ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ද PCR පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

Hits: 0

You might also like
Comments
Loading...