බගවන්තලාවේ වතු නිවාස 15 ක් හුදකලා කෙරේ

රංජිත් රාජපක්ෂ - හැටන්

0 29

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර 319-S ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස අද (12) දින සිට හුදකලා කළ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියා.

ඊයේ(11) දින එම වත්තෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයන් 28 දෙනෙකු හමූ වූ බවත්, එම ආසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සාමාජිකයන් නිසා වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කිරිම සදහා බගවන්තලාව වත්තේ මැද කොටස හුදකලා කිරිමට පියවර ගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

හුදකලා කර ඇති බගවන්තලාව වත්ත මැද කොටසේ පවුල් 114 කට අයත් සාමාජිකයන් 374 දෙනෙකු සිටින අතර, එම වතු යායේ පහල කොටසේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 15 දෙනෙකුගේ ආශ්‍රිතයන් හුදකලා කර ඇති වතු නිවාස පේලිවල පදිංචි නිසා එම කොටසෙන් සිදු කල PCR පරික්ෂණයන්ට අනුව නව ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරිවරයා කියා සිටියේ.

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කිරිමත් සමග එම වතු යායට බගවන්තලාව පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

බගවන්තලාවේ වතු නිවාස 15 ක් හුදකලා කෙරේ බගවන්තලාවේ වතු නිවාස 15 ක් හුදකලා කෙරේ බගවන්තලාවේ වතු නිවාස 15 ක් හුදකලා කෙරේ බගවන්තලාවේ වතු නිවාස 15 ක් හුදකලා කෙරේ බගවන්තලාවේ වතු නිවාස 15 ක් හුදකලා කෙරේ බගවන්තලාවේ වතු නිවාස 15 ක් හුදකලා කෙරේ

 

Hits: 1

You might also like
Comments
Loading...