අත්‍යවශ්‍ය සේවා බව පවසමින් ආයතන ප්‍රධානියෙකු විසින් ලබාදුන් ලිපියක් උපයෝගි කරගනිමින් හැටන් නගරයේ විවෘත කර තිබූ දුම්වැටි අලෙවි නියෝජිත ආයතනයක් අද(12) දින වසා දැමීමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කර තිබෙනවා.
අද(12) දින උදැසන සිට එම අලෙවි නියෝජිත ආයතනය විවෘත කර ප්‍රදේශයේ දුම්වැටි තොග වශයෙන් අලෙවි කර ඇති බවට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ නිලධාරීන් එම ආයතනය වෙත යන විටත් ඔවුන් දුම්වැටි, ප්‍රදේශයේ විවෘත කර ඇති වෙලදසැල් වෙත අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
හැටන් පොලිසියේ නිලධාරින් අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් ලබා දිය හැක්කේ ප්‍රාදේශිය ලේකම්වරයාට පමණක් බව දුම්වැටි අලෙවි නියෝජිතවරයා වෙත දැනුම්දිමෙන් පසු දුම්වැටි අලෙවි ආයතනය වසා දැමිමට පියවර ගැනුණා.
Hits: 0