X Press Pearl නෞකාව නිසා පීඩාවට පත් ධීවර ජනතාවට සහන සැලසීමට තීරණ රැසක්

0 39

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ජනතාව නගාසිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමාට උපදෙස් ලබාදී ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

එසේම ධීවර ජනතාවවට සිය ධීවර වෘත්තියට යාමට නොහැකිවීම නිසා ඔවුනට සිදු වූ හානිය හේතුවෙන් ඉදිරියේදී වන්දි ලබාදීමේ කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

එතෙක් ජීවනාධාර දීමනාවක් ලෙස රුපියල් පන් දහසේ දීමනාව අද සිට ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදීම ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

එසේම ධීවර ආම්පනප්න සහ උපකරණ සඳහා ස්ථාවර මිලක් නියම කිරීම සඳහා පවතින කොවිඩ් වසංගත තත්ත්වය පහව ගියපසු අදාළ ව්‍යාපාරික මහත්වරුන් සමග සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවගේ ගැටළු විසදීම හා ඒ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මීගමුව නගර ශාලාවේදී අද(12) පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

දැනට තහනම් කර ඇති කලාපය හැර අනෙකුත් ප්‍රදේශවල ධීවර කටයුතු වල නිරතවීම ගැටලුවක් නොමැති බවත්, දැනට තහනම් කර ඇති ප්‍රදේශයන් ධීවර කටයුතු සඳහා ඉදිරියෙදී කොටසින් කොටස නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අද(12) සිට මීගමුව කලපුවෙහි ධීවර කටයුතු සදහා බාධාවක් නොවන බව මෙම සාකච්ජාවේදී අනාවරණය කෙරුණා.

එම නැවෙහි තෙල් හෝ රසායනික ද්‍රව්‍යයක් මෙතෙක් සාගරයට මුසු වී නොමැති බව නාරා ආයතනය හා පරමාණුක බලශක්ති අධිකාරිය විසින් තහවුරු කර තිබෙන බවයි එම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ.

විශේෂයෙන් අදාළ ප්‍රදේශය දැනට තහනම් කළාපයක් ලෙස නම්කර ඇත්තේ නැවේ අබලි ද්‍රව්‍ය හේතුවෙන් ධීවරයින්ට, ධීවර යාත්‍රාවලට හා ආම්පන්නවලට හානි සිදුවිය හැකි බැවින් බවද අනාවරණ කර තිබෙනවා.

ධීවර කටයතු සඳහා ගැටළුවක් නොවීම සඳහා වෙරළ හා සාගරය පිරිසිදු කිරීමේ කටයතු සිදු කරමින් පවතින බවත් මීගමුව කලපුව හා හැමිල්ටන් ඇළ පිරිසිදු කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනවාරණය වූවා.

අදාළ විශේෂ සාකච්ඡාවට සහභාගි වී සිටි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙලෙස අදහස් පළ කර සිටියා.

“මාළු පරිභෝජනය නුසුදුසු බව මෙතෙක් විද්‍යානුකූලව තහවුරු කර නොමැති හෙයින් මාළු ආහාරයට ගැනීම සදහා ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැහැ.

නැව මගින් සිදුවූ හානිය සදහා වන්දි ලබා ගැනීමේ කටයුතු අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ඇත.

මාළු අලෙවි කර ගැනීම පිළිබඳව ගැටළුවක් පවතී නම් ඒවා මිලදී ගැනීමට ධීවර සංස්ථාව සෘජුව මැදිහත් වෙනවා.

ඒ සදහා පැලියගොඩ මත්ස්‍ය වෙළදපොළ මෙන්ම, ධීවර වරායවල් 22 ක් සූදානම් කර තිබෙනවා.

ඊයේ දිනය වන විට පෑලියගොඩ මතස්‍ය වෙළෙදපොළින් මාළු කිලෝ ග්රූම් 2000 කට ආසන්න ප්‍රමාණයක් හා අනෙකුත් ස්ථාන වලින් කිලෝ ග්රෑම් 9,000 කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙනවා.

පවතින සංචරණ සීමා හමුවේ සිල්ලර වෙළදාම සිදු කළ නොහැකි වන අතර තොග හා ජංගම වෙළදාමට තහනමක් පනවා නැහැ.

ධීවර වෘත්තිය හා බැදුනු කේෂ්ත්‍රයන් 23 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පීඩාවට පත්ව තිබෙනවා.

ඔවුන් සදහා මේ වන විට අහිමි වූ ආදායම් ගණනය කොට වන්දි ලබා දීමේ වැඩසටහන සදහා මූලික අදියර විදියට ඉදිරිපත් කර තිබෙනවා.”

ධීවර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට රජය කටයුතු කරනවා.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද මෙහිදී අදහස් දැක්වූයේ මෙලෙසින්:

“එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබද සාකච්ජාව සාර්ථක වුණා.

ධීවර ප්‍රජාවගේ ගැටලු රැසකට විසදුම් ලැබුණා.

මාළු ආහාරයට ගැනීම වෙරළ ආසන්නයේ සිටින ජනතාව සිදු කළත් රට මැද සිටින ජනතාව මාළු ආහාරයට ගැනීම අඩුවෙලා තියෙනවා.

මාළු ආහාරයට ගැනීම මේ වන විට කිසිදු ගැටළුවක් නැහැ කියන එක ධීවර අමාත්‍යාංශය පැත්තෙන් පැහැදිලිව පිළිතුරක් ලබා දුන්නා.

ඒ නිසා ජනතාව මාළු ආහාරයට ගැනීමට අනියත බියක් ඇති කර ගත යුතු නැහැ.

ඩීසල් හා භූමිතෙල් මිළ ඉහළ යාම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදු වූ නිසා ධීවර ජනතාවට ඇතිව තිබෙන ගැටළුවලට විසදුම් ලබාදෙමින් ධීවර ජනතාවට සහනයක් ලබාදීමට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය තුමා සමග සාකච්ජා කරලා ඉදිරියේදී අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.

මීගමුව හා අනෙකුත් ප්‍රදේශවල ධීවර ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් පෙනී සිටිනවා.

නැවෙන් වුණ හානිය, ස්වාභාවික කුණාටු හා ගංවතුරෙන් වූන හානිය වගේම ලෝක වෙළපොලේ තෙල් මිල ඉහළ යාම නිසා ඇතිවූ බලපෑම නිසා රටේ නිෂ්පාදන හා ආර්ථික ක්‍රියාවලියට දායකත්වය දක්වන අයට විශාල ගැටළුවක් මේ නිසා ඇතිවෙනවා.

එම නිසා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය තුමා සමග සාකච්ජා කරලා ධීවර අමාත්‍යාංශයට යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහායෝගය ලබා දෙනවා.”

වත්තල පල්ලියවත්ත සිට මීගමුව පෝරතොට දක්වා ධීවර සමිති නියෝජතයින් හා මීගමුව කලුපව ආශ්‍රිත ධීවර සමිති නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එසේම මීගමුව නගරාධිපති දයාන් ලාන්සා. ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු ප්‍රනාන්දු, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසුන්ත කහවත්ත, මීගමුව ප්‍රාදේශීය ලේකම් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

X Press Pearl නෞකාව නිසා පීඩාවට පත් ධීවර ජනතාවට සහන සැලසීමට තීරණ රැසක් X Press Pearl නෞකාව නිසා පීඩාවට පත් ධීවර ජනතාවට සහන සැලසීමට තීරණ රැසක් X Press Pearl නෞකාව නිසා පීඩාවට පත් ධීවර ජනතාවට සහන සැලසීමට තීරණ රැසක් X Press Pearl නෞකාව නිසා පීඩාවට පත් ධීවර ජනතාවට සහන සැලසීමට තීරණ රැසක් X Press Pearl නෞකාව නිසා පීඩාවට පත් ධීවර ජනතාවට සහන සැලසීමට තීරණ රැසක් X Press Pearl නෞකාව නිසා පීඩාවට පත් ධීවර ජනතාවට සහන සැලසීමට තීරණ රැසක්

You might also like
Comments
Loading...