බේකරි නිෂ්පාදන මිල ද ඉහළ යන ලකුණු

0 8

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සියලු බේකරි නිෂ්පාදන මිල ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන මිල ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යාමත් සමග සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමිමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා.

සංගමයක් ලෙස ඒකමතික තීරණයක් ගෙන නැතත් බේකරි හිමියන් බොහෝ පිරිසක් මේවනවිටත් පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද(12) කියා සිටියේ සදහන් කළේ.

අද වන විට රටතුල පවතින ආර්ථික තත්ත්වය අනුව බේකරි කර්මාන්තය පමණක් නොව කිසිදු කර්මාන්තයක් කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද එන් කේ ජයවර්ධන මහතා පෙන්වා දුන්නා.

ජයවර්ධන මහතා පැවසුවේ මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවයි.

ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද මේ වන විට ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා.

විශේෂයෙන් තිරිඟු පිටි මිල ඉදිරියේ දී ඉහළ යනු ඇති බව එන්.කේ ජයවර්ධන මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ.

You might also like
Comments
Loading...