ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්

0 6

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 221,277ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ(12) දිනයේ මෙරටින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2354ක්.

ඉන් ආසාදිතයන් 14 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඒ අතර දෙදෙනෙක් විදේශිකයන් වනවා.

සෙසු පුද්ගලයින් 2340 දෙනා මෙරටින් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූ 561 දෙනෙක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 528 දෙනෙක්ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 313 දෙනෙක්ද වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

සෙසු ආසාදිතයන් දිවයිනේ අනෙක් දිස්ත්‍රික්කවලින් වාර්තා වනවා.

ඒ අනුව අද (13) උදෑසන වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 221,277ක් වන අතර ඉන් ආසාදිතයන් 123,779ක්ම වාර්තා වන්නේ අලුත් අවුරුදු සමයෙන් පසුවයි.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 186,516ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 2426 දෙනෙක් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 64ක් තුළ පුද්ගලයින් 6,416 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

එසේම අද(13) උදෑසන 6 පමණ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 20ක් තුළ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 494 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන්කර නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2136ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 63ක් වාර්තා වී තිබෙනවා.

ඊයේ(13) දිනයේදී කිසිදු කොවිඩ් මරණයක් වාර්තා නොවන අතර මැයි 23 සිට මැයි 31 දක්වා කාලය තුළ මරණ 12ක්ද ජුනි 01 සිට ජුනි 11 දින දක්වා කොවිඩ් මරණ 51ක්ද වාර්තා වී තිබෙනවා.

මේ අතර අද(13) උදෑසන වන විට දිවයින පුරා සම්පූර්ණයෙන් හුදකලා කර තිබූ පොලිස් බලප්‍රදේශ අටක් සහ ග්‍රාම නිලධාරී වසම් 258ක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබෙන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

එසේම මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් බලප්‍රදේශය තවදුරටත් සම්පූර්ණයෙන්ම හුදකලා කර ඇති අතර දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 93ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතිනවා.

 

You might also like
Comments
Loading...