හැටන් දික්ඔය නගර සභා සිමාවෙන් නව ආසාදිතයන් 23 දෙනෙක්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 6

හැටන් දික්ඔය නගර සභා සිමාවෙන් නව ආසාදිතයන් 23 දෙනෙකු හඳුනාගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් කියා සිටියා.

එම නව ආසාදිතයන් ඊයේ (12) දින ලද PCR පරික්ෂණ වාර්තා අනුව වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉකුත් 04 දින පෙර ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් 41 දෙනෙකුගෙන් සිදු කල PCR පරික්ෂණ වාර්තා අනුව නව ආසාදිතයන් 23 දෙනා හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයන් 23 දෙනා අතර වැඩි ආසාදිතයන් පිරිස පවුල් 05ක සාමාජිකයන් බවත්, සෙසු ආසාදිතයන් හැටන් ගාමිණිපුර, දික්ඔය දරවල සහ හැටන් හිජිරාපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

නව ආසාදිතයන් 23 දෙනාගේ ළඟම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගත් බවද හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...