කෘතිම පරිසරයක් හදන්න උතුරු මුහුදේ පරණ බස් රථ ගිල්වයි

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 25

උතුරු මුහුදේ ජෛව විවිධත්වය වැඩිකිරීම හා අලංකාර කරවීම උදෙසාත් කෘතිම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් පැරණි වාහන මුහුදේ ගිල්වීමේ වැඩසටහනක් නාවික හමුදාවේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙලෙස යාපනයේ දූපත් ආශ්‍රිත මුහුදු වෙරළ යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ඒ සඳහා නාවික හමුදව මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබනවා.

ඒ අනුව එහි පළමු පියවර වශයෙන් යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේ භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ 04 ක් වරාය නීතිගත සංස්ථාවට අයත් සයුර කැනීම් නෞකාව මගින් උතුරු නාවික විධානයට අයත් නාවික නිලධාරීන් විසින් ආරක්ෂිතව මුහුදු පතුලේ තැන්පත් කිරීම සිදුකරන ලදි.

මේ වන විටත් එලෙස මුහුදු පතුලේ තැන්පත් කිරීම උදෙසා බස් රථ 20 ක් වෙන් කොට ඇති අතර එමගින් මුහුදු වෙරල ආසන්න මුහුදු පතුලේ කෘතිම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීමේ උත්සහයක් වන අතරම ජෛව විවිධත්වය වැඩි වී ආනගතයේදී මෙම ස්ථානයන් ආශ්‍රිතව වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට ධීවරයින්ටද හැකි වන බවටද නාවික හමුදාව පෙන්වා දෙනවා.

You might also like
Comments
Loading...