මාළු විකුණන මුවාවෙන් මත්පැන් විකුණු අයෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 20

සංචරණ සීමා ක්‍රියාත්මක වන සමයේ මාළු විකුණන මුවාවෙන් මත්පැන් විකිණීම සිදුකළ පුද්ගලයෙකු ඊයේ(13) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිලිලීටර් 180 ප්‍රමාණයේ මත්පැන් බෝතල් 250 ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් මත්පැන් තොගය හා මත්පැන් ප්‍රවාහනය කළ කැබ් රථය සමඟ අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් මත්පැන් රැගෙන ගොස් වැඩි මිලට විකුණා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු මුලතිව් නිරාවිපිට්ටි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු මුලතිව් පොලිසිය හරහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාළු විකුණන මුවාවෙන් මත්පැන් විකුණු අයෙක් අත්අඩංගුවට මාළු විකුණන මුවාවෙන් මත්පැන් විකුණු අයෙක් අත්අඩංගුවට මාළු විකුණන මුවාවෙන් මත්පැන් විකුණු අයෙක් අත්අඩංගුවට

Hits: 0

You might also like
Comments
Loading...